හින්දු ආගම - ශුද්ධවු ගවයාගේ ආරම්භය (උපත)
පුරාණ කාලයේ සිටම ගවයාගේ පූජනීය භාවය හා ගවමස් අනුභය පිළිබඳ ඒකමතික භාවයක් හින්දු ආගම තුළ දක්නට නොලැබේ.
වාසිත, ගෞතම හා අපස්ථම්භ ඔවුන්ගේ ධර්ම ග්‍රන්ථ වල ගවමස් ආහාරය තහනම් කර ඇත. එසේම බෞද්ධ යානාවේ එළ හරක් ඝාතනය කිරීමට දඬුවම පිටුවහල් කිරීම ලෙස දැක්වේ. එසේම කිරි ලබාදෙන සතුන්ගේ බර අදින ගවයන් ඝාතනය තද බල දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස සැලකේ. බ්‍රාහ්මණයන්ගේ බිලි පූජාවන් සඳහා ගවයන් භාවිතය තහනම් කර ඇත.
වෛදික ජනතාව ගවයා පූජනීයත්වයෙන් සැලකීමට හේතුවනම් පරම්පරා ගණනාවක් තිස්සේ ඔවුන් කිරි ලබා ගැනීම සඳහාත්, කුඹුරු වැඩ සඳහා යොදාගැනීමත්ය. එසේම එකල ගොම,පොහොරක් හා ඉන්ධනයක් ලෙස භාවිතා කරන ලදී. හින්දු භක්තියකයන් තවමත් ගොම විවිධ කටයුතු සඳහා භාවිතකරයි. ගොම දහනය කිරීමෙන් මදුරුවන් පලවා හැරිය හැකිය. එසේම දහනයෙන් පසු ලැබෙන අළු පොහොරක් ලෙස භාවිතා කරයි. මේ නිසා හින්දුන් ගවයා "ගවමාතා" ලෙස හඳුන්වයි.
හින්දු ධර්මයට (සනාතන ධර්මය ) අනුව සියලුම සත්වයන් තුල දේවාත්මයක් පවතී. එසේම ඔවුන් සර්ව බලධාරී සර්ව වාසී දෙවියන් අදහනු ලබයි. මේ නිසා ඕනෑම සත්වයකු ඝාතනය පාපයක් ලෙස සැලකේ. මෙය උපත හා මරණය යන ස්වභාවික වක්‍රයට බාධා පැමිණ වීමක් ලෙස සැලකේ. ඝාතනය අස්වභාවික මරණයක් බැවින් එම සත්වයාට එම ආකාරයෙන්ම නැවත් ඉපදීමට සිදුවේ.
මහා බලගතු ක්‍රිෂ්ණ දෙවිදුන්ද ගොපල්ලෙකු ලෙස සිටින බව කියවේ.