ටොලමි X ඇලෙක්සැන්ඩර් I
ටොලමි X ඇලෙක්සැන්ඩර් I | |
---|---|
ඊජිප්තුවේ ටොලමියානු රාජවංශයේ පාරාවෝ | |
රාජ්‍ය සමය | ක්‍රි.පූ. 110 පමණ මව වූ ක්ලියෝපැට්රා III සමග (පළමු රාජ්‍ය සමය) ක්‍රි.පූ. 107 පමණ මව වූ ක්ලියෝපැට්රා III සහ ලේලිය / සුළු-දියණිය / බිරිය වූ බෙරෙනිස් III සමග (දෙවන රාජ්‍ය සමය) (ටොලමියානු) |
පූර්වප්‍රාප්තිකයා | සොහොයුරු ටොලමි IX ලැතිරොස් (පළමු සහ දෙවන රාජ්‍ය සමය) |
අනුප්‍රාප්තිකයා | සොහොයුරු ටොලමි IX ලැතිරොස් (පළමු රාජ්‍ය සමය) පුත්‍රයා වූ ටොලමි XI ඇලෙක්සැන්ඩර් II (දෙවන රාජ්‍ය සමය) |
වල්ලභ | ක්ලියෝපැට්රා සෙලීන් I (සොයුරිය) ඊජිප්තුවේ IIIවන බෙරෙනිස් (ලේලිය සහ සුළු-දියණිය) |
දරුවන් | ටොලමි XI ඇලෙක්සැන්ඩර් II (Iවන ක්ලියෝපැට්රා සෙලීන්ට දාව) ක්ලියෝපැට්රා V (IIIවන බෙරෙනිස්ට දාව) |
පියා | ටොලමි VIII ෆිස්කන් |
මව | ඊජිප්තුවේ IIIවන ක්ලියෝපැට්රා |
ටොලමි X ඇලෙක්සැන්ඩර් I[note 1] (පුරාතන ග්‍රීක:Πτολεμαῖος Ἀλέξανδρος, Ptolemaĩos Aléxandros) යනුවෙන් හඳුන්වන්නේ ක්‍රි.පූ. 110 සිට 109 දක්වා සහ ක්‍රි.පූ. 107 සිට 88 දක්වා ඊජිප්තුව පාලනය කළ රජ කෙනෙකි.
දිවිය
[සංස්කරණය]ඔහු ටොලමි VIII ෆිස්කන් පාරාවෝවරයාගේත් IIIවන ක්ලියෝපැට්රා රැජිනියගේත් පුත්‍රයායි. ඔහුගේ මව විසින් ඔහුගේ සොයුරා වූ ටොලමි IX ලැතිරොස්ව බලයෙන් පහ කිරීමෙන් පසු, ක්‍රි.පූ. 110දී ඔහු සිය මව සමග හවුල් පාලනයක් ගෙනගියේ ය. කෙසේනමුත්, ක්‍රි.පූ. 109දී IXවන ටොලමි විසින් ඔහුව බලයෙන් පහකරන ලදී. ක්‍රි.පූ. 107දී ඔහු යලිත් වරක් රජු බවට පත් විය. එසේම ඇගේ මව සමග සම-අනුරාජ පදවිය හෙබවී ය. ක්‍රි.පූ. 101දී සිය මෑණියන්ව මරා දැමූ ඔහු, තනිව හෝ සිය භාර්යාව/ලේලිය වූ IIIවන බෙරෙනිස් සමග රාජ්‍ය පාලනය සිදුකළේ ය.
ඔහු මිය යන විට, IXවන ටොලමි නැවත වරක් සිහසුන හිමි කරග්තතේ ය. IXවන ටොලමි මියයන විට Xවන ටොලමිගේ භාර්යාව වූ IIIවන බෙරෙනිස් මාස හයක් රාජ්‍ය පාලනය සිදුකළා ය.
සටහන්
[සංස්කරණය]- ^ ටොලමිවරුන් අංකනය කිරීම නූතන සම්මුතියකි. ග්‍රීකවරුන් ඔවුන් වෙන්කර දැක්වූයේ විරුද නාමය (පටබැඳි නාමය) ආධාරයෙනි. මෙහි දක්වා ඇති අංකය වර්තමාන එකඟත්වය අනුව යෙදුණකි. නමුත් දහනවවන සියවසේ දී, පසුකාලීන ටොලමිවරුන් රාජ්‍ය කරන අයුරින් ගිණිය යුතු බවට වාදවිවාද ඇති විය. පැරණි මූලාශ්‍රවල අංකය එකක් අඩුවෙන් හෝ වැඩියෙන් දක්වා ඇති හෙයින්, දෙන ලද ටොලමිවරයකු හඳුනාගැනීමට භාවිත කළ හැකි විශ්වසනීයම ආකාරය විරුදය ආශ්‍රය කර ගැනීමයි.
මූලාශ්‍ර
[සංස්කරණය]බාහිර සබැඳි
[සංස්කරණය]- ටොලමි X ඇලෙක්සැන්ඩර් සඳහා මාහ්ලන් එච්. ස්මිත්ගේ ඓතිහාසික ප්‍රභව ග්‍රන්ථයේ ඇති සඳහන
ටොලමි X ඇලෙක්සැන්ඩර් I උපත: ? මරණය: ක්‍රි.පූ. 88
| ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා ටොලමි IX |
ඊජිප්තුවේ පාරාවෝ ක්‍රි.පූ. 110 - 109 ක්ලියෝපැට්රා III සමග |
අනුප්‍රාප්තික ටොලමි IX |
පූර්වප්‍රාප්තිකයා ටොලමි IX |
ඊජිප්තුවේ පාරාවෝ ක්‍රි.පූ. 107 - 88 ක්ලියෝපැට්රා III සහ බෙරෙනිස් III සමග |
අනුප්‍රාප්තික ටොලමි IX |
- ක්‍රි.පූ. 2වන සියවසේ උපත්
- ක්‍රි.පූ. 88 මරණ
- ක්‍රි.පූ. 2වන සියවසේ ග්‍රීක ජනයා
- ක්‍රි.පූ. 1වන සියවසේ ග්‍රීක ජනයා
- ක්‍රි.පූ. 1වන සියවසේ අප්‍රිකානු පාලකයින්
- ක්‍රි.පූ. 2වන සියවසේ අප්‍රිකානු පාලකයින්
- ඊජිප්තුවේ ක්‍රි.පූ. 2වන සියවස
- ඊජිප්තුවේ ක්‍රි.පූ. 1වන සියවස
- මාතෘ ඝාතකයින්
- ටොලමියානු රාජවංශයේ පාරාවෝවරු
- සයිප්‍රසයේ ටොලමියානු පාලකයින්